පළමු පාඩම -Electromagnetic spectrum
අපි මුලින්ම විද්‍යුත් චුම්බක වර්ණාවලිය ගැන මතකය අලුත්කරගනිමු .ඒ සදහා පහත රූපය බලන්න .
විද්‍යුත් චුම්භක තරංග යනු, සංඛ්‍යාතයක් හා තරංග ආයාමයක් සහිත විද්‍යුත් හා චුම්බක ගතිගුණ පෙන්වන, පෝටෝන වල තරංගමය චලිතයයි.විද්‍යුත් චුම්බක තරංග වල වේගය, ඒවායේ සංඛ්‍යාතයේ හා තරංග ආයාමයේ ගුණිතයට සමාන වේ. පහත සමීකරණයෙන් එය ගණනය කරනු ලබයි.
V= f λ v-වේගය
f-සංඛ්‍යාතය
λ-තරංග ආයාමය
මිනිසාගේ දෘශ්‍ය පරාසය වන්නේ 390-700 nm දක්වා විතරයි.සත්තුන්ගේ ඊට වඩා වෙනස්.අපිට පෙනෙන දේවල් වලට වඩා නොපෙනෙන දේවල් වැඩියි.ඒ වගේම තමා අපිට ඇසෙන්නේ, 20-20000 Hz අතර අතර ශබ්ද විතරයි.ඔය පරාසයෙන් එහා සත්තුන්ට ඇහෙනවා.සමහරු විශ්වාස කරන්නේ ඇහෙන දේවලුයි පෙනන දේවලුයි විතරමයි.පෙනෙන ලොව තුල නොපෙනෙන ලොවක් තියන බව විශ්වාස කරන්නේ නැහැ.තම තමන්ගේ බුද්ධි මට්ටම අනුව තීරණය කරන්න ඔයාලම ඒ ගැන .විද්‍යාඥයින් කලකට පෙර සොයා ගත්ත දේවල් වලට අනුව තම ඉහත රුපයේ ආකාරයට වෙන් කරලා තියෙන්නේ .නමුත් ඔය සීමාවට එහා තියෙනවා කියලා අද විශ්වාස කරනවා .කොහොමත් ඔය නොපෙනෙන ලෝකය ගැන 100%ක් නිවැරදිව දැකලා හොයාගත්ත කෙනෙක් නැහැ බුදුරජාණන් වහන්සේ හැරෙන්න."නොපෙනෙන ලොව" කියලා බ්ලොග් 1ක් හදනවා මේක අවසන් වුනාම.subject එකෙන් පිට පැනලද ..?
නෑ .අපිට තියනවා නොපෙනෙන දේවල් ගැන ඉගෙන ගන්න.එකක් තමා ගුවන් විදුලි තරංග.අපි බලමු ගුවන් විදුලි තරංග ගැන

No comments:
Post a Comment